දැන් පවතින ආර්ථික තත්වය හමුවේ හමුදාව යෙදවීම සුදුසු නැති බවත්, හමුදා පාලනයක් ඇති වුණොත් ජාත්‍යන්තර ආධාර නතර වී ලංකාව කඩා වැටෙනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ කීය.
ඒ අප්‍රියෙල් 08 වැනිදා පාර්ලිමේන්තුවේදී සිය කතාව සිදු කරමින්ය.
සිවිල් බලය පොලීසිය සතුයි. සිවිල් බලය බිඳවැටෙනතුරු හමුදාව යොදවන්න ඕනෑ නැහැ. තවමත් මෙරට සිවිල් බලය බිඳවැටිලා නැහැ.
සමහරු කියනවා ආණ්ඩුව හමුදාව යොදවලා බලය. ගන්න යනවා කියලා. තව සමහරුන් කියනවා හමුදාවට බලය ගන්න කියලා.
මම දන්න හමුදාව නම් ව්‍යවස්ථාවට විරෝධීව යන්නේ නැහැ. දවස් 52 අපි ඒක දැක්කා. එහෙත් විශේෂයෙන්ම මේවා ගැන කතා කරන එක එක දේශපාලනඥයන්ට කියන්න කැමතියි. එහෙම සිදුවීමක් වුණොත් ආර්ථිකය ඉවරයි. හැම රටක්ම අපි එක්ක ගනුදෙනු කරන එක නවත්වයි. ආදායම නවත්වයි. තියෙන එක ඊටත් වඩා වැටෙන්න ඉඩ තියෙනවා.