පැනල ගියේ නෑ මං රට ආවේ රාජකාරි වැඩකට – නිශ්ශංක සේනාධිපති

තමා විදේශ ගතවූයේ රාජකාරි කටයුතු සඳහා බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති දිවයින පුවත්පතට පවසා ඇත.

තමා මේ මොහොතේ ස්විට්සර්ලන්තයේ සිටින්නේ රාජකාරි කටයුත්තක් වෙනුවෙන් බවත් තම රාජකාරි කටයුතු පවතින්නේ ජාත්‍යන්තරය සමග බැවින් රැකියාවේ ස්වභාවය අනුව ඕනෑම රටකට යා හැකි බවත් ඒ මහතා පවසා ඇත.

රාජකාරි කටයුතු අවසන්වූ පසු යළි ශ්‍රි ලංකාවට පැමිණෙන බව පැවසූ ඒ මහතා මෙලෙස ජාත්‍යන්තරය සමග එක්ව රැකියාවක නිරතවන්නේ වසර ගණනාවක සිට බවද පවසා ඇත.