රාජපක්ෂලාගේ අක්‍රමිකතා – නෙළුම් කුලුන

ශ්‍රී ලංකාවේ අධික මුදලක් වැය කරමින් නෙළුම් කුලන ඉදි කරද්දී රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුවී තිබුණි. නෙළුම් කුලුන ඉදි කරද්දී සිදුවූ අක්‍රමිකතා කිහිපයක් පහත දැක්වේ.

  • නෙළුම් කුලුන ව්‍යාපෘතිය ආරම්භ කරද්දී එය ආරම්භ කර ඇත්තේ නිසි ශඛ්‍යතා අධ්‍යයන වාර්තාවකින් තොරවය.
  • ආරම්භ කරද්දී මූල්‍ය ශඛ්‍යතා අධ්‍යයනයක් සිදු කළ බව කීවද එය අඩුපාඩු රැසකින් සමන්විතය.
  • ව්‍යාපෘතියේ ණය ගැනුම් පිරිවැය රුපියල් 502,160,192ක් (කෝටි පනහක්) අඩුවෙන් පෙන්වා තිබිණි.
  • ණය මුදලෙන් සියයට 4ක් එනම් රුපියල් 463,164,609ක් රක්ෂණ පිරිවැය ලෙස ලෙඛනවල පෙන්වා 2013 වසරේ දී රුපියල් 1,144,984,805ක් (කෝටි 114) ගෙවා තිබිණි. එය මුළු ණ්‍ය මුදලෙන් සියයට 11.64ක් වන අතර ඒ අනුව මූල්‍ය ශඛ්‍යතා අධ්‍යයන වාර්තාවේ රුපියල් 681,819,196ක් (කෝටි 16) අඩුවෙන් පෙන්වා තිබිණි.
  • ඉඩම නීත්‍යනුකූල පවරා ගැනීමකින් තොරව අමාත්‍ය මණ්ඩල තීරණවලට පරිබාහිරව යමින් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 2250ක් ගෙවා තිබිණි. 6) රුපියල් 91,880,012ක (කෝටි 09ක්) එකඟතා ගාස්තුවක් වැඩිපුර ගෙවා ඇත.
  • නියමිත කාලයේදී ණය මුදල් ලබා නොගැනීම නිසා අමතර එකඟතා ගාස්තු ලෙස රුපියල් 49,607,091ක් (ලක්ෂ 49ක්) ගෙවා තිබේ.
  • අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් නැතිව උපදේශන ගාස්තු ලෙස රුපියල් 150,000,000ක් (කෝටි 15)ගෙවා ඇත.
  • උපදේශන ගාස්තු ලෙස සැලසුම් සහගත සීමාවන් ඉක්ම යමින් රුපියල් මිලියන 150ක් ගෙවා තිබේ.
  • උපදේශන ගාස්තු ගෙවීම් ගිවිසුම් කොන්දේසි විධිවිධානවලට පරිබාහිරව කොන්ත්‍රාත් අධීක්ෂණය වෙනුවෙන් යැයි සඳහන් කර මසකට රුපියල් 3,000,000 බැගින් වසර කිහිපයක් ගෙවා ඇත.
  • නීතිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ අනුව කොන්ත්‍රාත් ගිවිසුම සංශෝධනය කර නොතිබිණි.
  • කොන්ත්‍රාත්තුව ලබා දුන් සමාගමේ ව්‍යාපාරික විෂය පථයට බහු සම්ප්‍රේෂන කුළුණු ඉදිකිරීම් හෝ විශාල ප්‍රමාණයේ කොන්ත්‍රාත් කිරීම් ඇතුත් වී නැතිව තිබියදී එලෙස නැති සමාගමට කොන්ත්‍රාත්තුව ලබාදීමට තෝරා ගැනීම.
  • අමාත්‍ය මණ්ඩල අනුමැතිය නැතිව කොන්ත්‍රාත්කාලය වරින් වර දීර්ඝ කිරීම.
  • නෙළුම් කුළුණ ඉදිකිරීම් ප්‍රගතිය පහළ මට්ටමක පවතින බව විගණනයෙන් දිගින් දිටම පෙන්වා දුන්නද ඒවා ගණන් නොගැනීම.
  • නෙළුම් කුළුණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාර්ය මණ්ඩයේ නිලධාරීන් 05 දෙනකු සඳහා භාණ්ඩාගාර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොතිබිණි.
  • විදුලි සංදේශ පනත ප්‍රකාරව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට සමාගමක් පිහිටුවීම සඳහා බලතල නොමැති වුවද කොමිෂන් සභාවට ආයතනයක් පිහිටුවීම සඳහා පනතට පිටින් ගොස් කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ.
  • කොලඹ නෙළුම් කුළුණ දේපොළ කළමනාකරණ සමාගමකට බදු දීම සඳහා වන ක්‍රියාවලිය ආරම්භ කර තිබුණ ද ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන නොතිබිණි.
  • රුපියල් බිලිය 04ක ආයෝජනයක් මත ඉදි කරන යෝජිත රථගාල් සංකීර්ණය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන නොතිබිණි.