ලංකාවට ආපු ඉන්දියන් සල්ලි ඉවරයි! අවුරුදු මාසෙ ඉවරවෙද්දී හබක්

ඉන්දියාව ශ්‍රී ලංකාව වෙත ලබා දුන් ඩොලර් මිලියන 500ක ක්‍රෙඩිට් ලයින් ගිවිසුම අප්‍රියෙල් මස අවසන් වෙද්දී අවසන් වීමට ආසන්න බව ඩේලි මිරර් වාර්තා කරලා.

මේ මාසයේ ඉතිරි කාලය තුළ තවත් ඩීසල් ටොන් 120,000ක් සහ පෙට්‍රල් ටොන් 35,000ක් ශ්‍රී ලංකාවට ලබා දීමෙන් පසු එම ගිවිසුමේ වටිනාකම සම්පූර්ණයෙන්ම වාගේ අවසන් වන බව එම වාර්තාවේ සඳහන්.

මීළඟ ඩීසල් ටොන් 40,000 ක තොගය අප්‍රේල් 15 වැනි දින රටට පැමිණීමට නියමිතයි. ඊට අමතරව තවත් එවැනිම තොගයක් අප්‍රේල් 18 වැනි දින ගෙන්වීමට සූදානම් කරලා. ඒ හා සමාන ඩීසල් ප්‍රමාණයක් අප්‍රේල් 23 වැනි දිනයේත් එනු ඇති.

අනෙක් පැත්තෙන් පෙට්‍රල් තොගයක් අප්‍රියෙල් 22 වැනිදා එවනු ඇති. ඉන්ධන ඔයිල් සමාගමෙන් ඉන්ධන මිලදී ගන්නට ඉන්දියාව ඇමෙරිකන් ඩොලර් 500ක ක්‍රෙඩිට් ලයින් එකක් දීලා තියෙනවා. කලින් කී තොග බෙදා අවසන් වෙද්දී ඇමරිකානු ඩොලර් මිලියන 468ක්ම අවසන් වේවි.

දැන් උක්ත ණය පහසුකම තවත් වැඩි කර ගැනීමට සාකච්ඡා පවතිනවාලු.