මට රට හදන්න බෑ! – රට හදන්න ඡන්දෙ ඉල්ලා පාර්ලිමේන්තු ආ චාමර සම්පත් කියයි

‘මට ඉංග්‍රීසි බෑ. මම ජාත්‍යන්තරේ දන්නේ නෑ. මට රට හදන්න බෑ. මම මාස තුනක් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්නේ නෑ’ යනුවෙන් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව ස්ථාවර වූ දවසට නැවත පාර්ලිමේන්තු එන බව ඔහු වැඩිදුරටත් කීය. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඡන්දය ඉල්ලුවේ අහවල් එකටදැයි කිසිවෙකු එතැනදී විමසා තිබුණේ නැත. රට හදන්නට කියා පාර්ලිමේන්තු ඇවිදින්, මහජන නියෝජිතයෙකු එවැනි ප්‍රකාශයක් කිරීම රටේ තත්වය මනා ලෙස කියාපාන සිදුවීමකි.

එම කතාවේදි ඔහු අදහස් කළේ රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන වැනි හිටපු නායකයන් නැවත පාර්ලිමෙන්න්තු ආවේ රට හදන්නට බවත්, ඔවුන් ඒ වෙනුවෙන් කටයුතු කරපු බවත්ය.