අධිභාර කෙටුම්පත සම්මතයි! සජබ ඡන්දය ප්‍රකාශයෙන් වැළකෙයි!

අධිභාර බදු පනත් කෙටුම්පත තුන්වන වර කියවා සංශෝධන සහිතව අද (07) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි.

කාරක සභා අවස්ථාවේ දී මහා මාර්ග අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු මහතා විසින් එම කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබීය

එම කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව එලෙස සම්මත වුන අතර අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කළේය

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට සභා ගර්භයට පැමිණ තිබේ.

ජනාධිපතිවරයා උදෑසන 10.15 ට පමණ පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර 10.20 ට පමණ තමන්ගේ කතාව සිදුකළ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා සභා ගර්භයෙන් පිටය ගොස් ඇති බවයි.