ලෝකයේ දුර්වලම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව වාර්තා කර ඇත.
රුසියානු-යුක්රේන අර්බුදය හමුවේ රුසියානු රූබල් මුදල් ඒකකය අව ප්‍රමාණය වී තිබෙනවාට වඩා ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇතැයි එම සඟරාව පෙන්වා දී ඇත.
අප්‍රේල් 07 වන දින වන විට ඩොලරයක් මිලදී ගන්නා වටිනාකම රුපියල් 308.4951 ඉහළ ගොස් ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටේ පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදය පාලනය කිරීමට නොහැකි වීම හේතුවෙන් දිනෙන් දින රුපියලේ අගය ඉතිහාස ගත ලෙස අව ප්‍රමාණය වීම ශ්‍රී ලංකා රුපියල ලෝකයේ දුර්වලතම මුදල් ඒකකය වීමට හේතු වී ඇති බව එම වාර්තා වේ සදහන් කර ඇත.