‘කවදා හරි දවසක මේ ප්‍රශ්නෙට මියගිය හැම කෙනෙක් වෙනුවෙන්ම මේ පාර්ලිමේන්තුවේ 225ම වගකියන්න ඔ්න කියලා.’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය. ජනතාව ප්‍රශ්නවලට මුහුණ දී සිටින බව මන්ත්‍රීවරයා සිය කතාවේදී පිළිගත්තේය.
‘අපේම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වෙච්ච මන්ත්‍රීවැරයෙක්ගෙ කතාවට පස්සේ කතා කරන්න ලැබිච්ච එක ගැන සතුටු වෙනවා. ‘ යැයි ගෙවිඳු කුමාරතුංගගේ කතාවෙන් පසු කතා කළ මන්ත්‍රීවරයා කීවේය.
‘ ‘මේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත්වෙන්නේ මහජනතාවගේ ඡන්දෙන්. හැබැයි යම් කොටසක් එනවා ජාතික ලැයිස්තුවෙන්. ජාතික ලැයිස්තුවෙන් නෙමෙයි අපේ ලැයිස්තුවෙන් මෙයාගේ නම දැම්මා නම් ගෙදර නෝනගේ ඡන්දෙත් මෙයාට නෑ. එකත් වෙන කාට හරි. ‘ මේ සංවිධාන ගැන කියා දෙන්න අපි දන්නවා. මහාබාරකාරයා කරන්න ඔ්න කෙනාව පාර්ලිමේන්තු මන්ත්‍රී කළා අපි. අපට ගහන්න ඕනෑ බූවල්ලෙන්.’ ‘රටේ ජනතාවට ප්‍රශ්න තිබෙනවා.
ප්‍රශ්න තියන නිසා තෙල් ටික ඉල්ලන් ෂෙඩ් ඒක ගාවට ඇවිත් තිබෙනවා. ගෑස් ඉල්ලගෙන පාරට බැහැලා තියනවා. කිරිපිටි නැතුව පාරට බැහැලා තියනවා. අපි පිළින්නවා. ජනතාවට තෙල් පෝලිමේ ඉන්නකොට, ගෙදර ඉන්න නෑ ලයිට් නැතුව, ඒ මිනිස්සු පාරට ආවා. ඒ මිනිස්සු ඉල්ලුවා බෝඩ් එකක් පෙන්නලා අපට ගෑස් දෙන්න, ලයිට් දෙන්න කියලා. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව බලපෑමක් කරන්න අයිතියක් තියනවා.
ගෑස්, විදුලිය, කිරිපිට ඉල්ලන් එන අය පස්සෙන් ප්‍රචණ්ඩත්වය රටතුල ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. රටේ ප්‍රශ්නය තියන මනුස්සයා පිටිපස්සේ ඉඳගෙන ආණ්ඩටුව දියව් කියනවා.
අවශ්‍යතාවට පිටිපස්සේ ගෝඨා ගෙදර යන්න ඔ්නෑ කියනවා. මේක කොහෙන්ද නවතින්නේ? මේක නවතින්නේ කැලෑ නීති රජ කරලා. අපි අත්දැකීම් විඳලා තියනවා මීට කලින්. ‘ ‘ඔ්නම කෙනෙක් උද්ඝෝෂණය කරන්න. පෙළපාලි යන්න. හැබැයි එක ගල්කැටයක්, පොලු කෑල්ලක් අතට ගන්න පත් කරන්න එපා. එහෙම වුණොත් මේ පාර්ලිමේන්තු හැන්සාඩ් එකේ තියෙයි කවදා හරි දවසක මේ ප්‍රශ්නෙට මියගිය හැම කෙනෙක් වෙනුවෙන්ම මේ පාර්ලිමේන්තුවේ 225ම වගකියන්න ඕනෑ කියලා.’