අප්‍රියෙල් 07 වැනිදා උදෑසන 9 සිට තරුණ තරුණියන් පිරිසක් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධයක් පැවැත්වීමට නියමිතයි.
ඊට අමතරව කොට්ටාව (138) පාරේ මහල්වරාව හන්දියේ පිහිටි බේකරිය අවකාශයේ සිට පාර්ලිමේන්තුව දක්වා පා ගමනක්ද පැවැත්වීමට නියමිතයි.
තරුණ කලාකරුවන්, නීතිඥයන්, ලේඛකයන් හා අනෙකුත් වෘත්තිකයන් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධයට සම්බන්ධ වෙන බව සඳහන්. එය උදෑසන 9 සිට අඛණ්ඩව පවත්වන බව සංවිධායකයන් සඳහන් කර තිබෙනවා.