ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න! නීතීවේදීන් රාජ්‍ය සේවයෙන් ඉල්ලයි! ඕනෑම ප්‍රශ්ණයකට නීතිඥ සහය

වර්තමානයේ ඇතිවී තිබෙන අර්බුදකාරී වාතාවරණය හමුවේ පක්ෂපාතී බවකින් තොරව ජනතාවගේ සුබසිද්ධිය බලා හරි තීන්දු තීරණ ගනිමින් කටයුතු කරන ලෙස තරුණ නීතිඥවරු සහ තරුණ ජනමාධ්‍යවේදීහු ඉල්ලා සිටිති.

ඉහළ නිලධාරීන් ලබා දෙන නීති විරෝධී නියෝග කිසිම හේතුවක් නිසා ක්‍රියාත්මක නොකරන ද ඔවුහු ඉල්ල සිටිති.

ඉහළින් ලැබෙන නීති විරෝධී නියෝග ක්‍රියාත්මක නොකිරීම මත හෝ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂාවන පරිදි නීතිය ක්‍රියාත්මක කිරීම මත මේ මොහොතේ යම් නිලධාරියකුට ගැටලුවක් ඇතිවුවහොත් ඔහු වෙනුවෙන් නොමිලයේ නීති සහාය ලබා දීමට සූදානමින් සිටින බව තරුණ නීතිඥවරු සහ තරුණ ජනමාධ්‍යවේදීහු ප්‍රකාශ කරති.

එම සිදුවීම් සම්බන්ධයෙන් සහ අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇතොත් දැනුම් දීමට ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීණ්ගේ සංගමය දුරකතන අංකයක් හඳුන්වාදී තිබේ.

එම අංකය 076 724 14 17 වේ. ඊමේල් ලිපිනය web.yjasl@gmail.com –