අදත් පාර්ලිමේන්තුව ජොනී ෂෝ එකක් වෙයි! සජබ සද්ද නෑ!

අප්‍රියෙල් 07 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමත් ජොන්ස්ටන් ප්‍රනාන්දු ෂෝ එකක් බවට පත්ව තිබේ. ඔහු ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවට ජවිපෙ ඉතිහාසය ලියූ ලේඛකයෙකු වන ‘ධර්මන් වික්‍රමරත්න’ වාගේ වී තමන්ගේ එකම කතාව යළිත් වතාවක් සිදු කර ඇත.

අනුර කුමාර දිසානායක මහතා ඊට පෙර ප්‍රකාශ කළේ මේ මොහොතේ ආණ්ඩුව පැත්තෙන් එන ඕනෑ යෝජනාවක් සලකා බලන නමුත්, එකම කොන්දේසිය ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම බවත් පැහැදිලි කළේය. ඔහු එය කීවේ මේ වෙද්දී වීදියේ විරෝධතාවල තිබෙන බලය සලකා බලමිනි. ජනාධිපතිවරයා ඉල්ලා අස් නොවන පසුබිමක පාර්ලිමේන්තුව හෝ වෙන කිසිම ආයතනයක් ව්‍යවස්ථානුකූලව හෝ ව්‍යවස්ථාවට පිටින් ගෙනෙන කිසිම යෝජනාවක් සලකා නොබලන බව අනුර කුමාර දිසානායක කීය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අනුර කුමාර දිසානායකගේ කතාවෙන් පසු නැගිට, ‘අනුරට කතාවක් යොදා නොගත් බවත්, නායකයන්ට විනාඩි 10 ගාණේ කතා ලබා දුන් බවත්’ කියා විනාඩි 15කට ආසන්න කතාවක් පැවැත්වීය. ජනාධිපතිවරයා ඉල්ලා අස් විය යුතු බව අවංක නොවන ඉල්ලීමක් බවට තර්ක කරමින්, ජනාධිපති ඉල්ලා අස් නොවන බව කීය.

එම කතාව තුළ අනුර කුමාර දිසානායක කළ යෝජනාව ගැන සඳහන් කරමින් එය ඉටු කළ නොහැකි බව කීය. ඉන් පසු රටේ පවතින අර්බුදය ගැන කිසිදු කතාවක් නොකියා ජවිපෙ නූතන ඉතිහාසය වදාරන්නට පටන් ගත්තේය.

අසූ ගණන්වල සහ හැත්තෑ ගණන්වල විනාශයන් සිදු වූ බව ඔහු නැවත කියන්නට පටන් ගත් අතර, හෙල්මටයක් පැළඳ වාහනයකට නැග්ග කෙනෙකු නිසා ජවිපෙ සැලසුම් ‘රටම දැනගෙන තිබෙන’ ඔහු කීය.