පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයේදී පොලිසිය සහ හමුදාවේයැයි සැකකරන පිරිසක් අතර ඇතිවූ සිද්ධියේදී නීතිය අකුරට ක්‍රියා කිරීම නිසා පොලිස් නිලධාරීන්ට විනයානුකූලව ක්‍රියා කිරීම නතර කරන ලෙස ඉල්ලමින් පොලිස් නිලධාරීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලිපි යොමු කරමින් තිබෙන බව පොලිස් සහ මානව හිමිකම් කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.
පොලිසියේ සැලකියයුතු පිරිසක් මේ වන විටත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලිපි යොමු කර තිබේ. පොලිස් නිලධාරීන්ගේ වගකීම ගැටුම් ඇතිවීම නතර කර නීතිය හා සාමය ආරක්ෂා කිරීම බවත්, පාර්ලිමේන්තු වටරවුම අසල සිටි පොලිස් නිලධාරීන් සිදු කළේ ඔවුන්ට පැවරී ඇති නීත්‍යනුකූල වගකීම බවත්, එම වගකීම ඉෂ්ඨ කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ කිරීම අනුමත කළ නොහැකි බවත් එලෙස යොමු කළ එක් ලිපියක සඳහන් වේ.
මෙලෙස නීතියට අනුව වැඩ කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමට ගියහොත් ඉදිරියේදී නිලධාරීන් නීතිය ඉටුකිරීමට මැලිවනු ඇති බවත්, එසේ හෙයින් පොලිස් නිලධාරීන්ට එරෙහිව විමර්ශන නතර කිරීමට පොලිස්පතිවරයාට නිර්දේශ කරන ලෙසත් පොලිස් නිලධාරීන් මානව හිමිකම් කොමිසමට ලිපි යොමු කරමින් ඉල්ලා තිබේ.