වර්තමාන අර්බුදයට සම්බන්ධයෙන් කෙරෙන යෝජනා සාකච්ඡා කිරීමට නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලා අස්වී සිටිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
වර්තමාන ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම අනිවාර්ය කොන්දේසියක් බව ඒ මහතා අවධාරණය කළේය. ‘ජනාධිපතිවරයා විසින් අන්තර්වාර පාලනයක් යෝජනා කළා. ඒක අර කේන්ද්‍රීය ප්‍රශ්නයට පිළිතුරක් නෙමෙයි. තව තවත් ජනතාගේ වේදනවා, අඳෝනාව ඉල්ලීම විහිළුවට ලක් කරමින් වටේ යන්න එපා.
ජනතාවගේ අදහස් හෑල්ලුවට ලක් කරන නාටක එපා. මේ පාලකයා, මේ රටේ ජනාධිපතිවරයා රටේ ප්‍රශ්නවට විසඳුම් දෙන්න සමත් වෙලා නෑ. ප්‍රශ්න උත්සන්න වෙන්න හේතුවක් වෙලා තියනවා.
ඔහු යටතේ විසඳුමක් නෑ, පළමු ප්‍රශ්නය තමයි ඔහුට ඉවත් වෙන්න කියන එක. දෙවැනි එක ආර්ථික ප්‍රශ්නය. ජනාතාවගේ ප්‍රශ්නයේ කේන්ද්‍රයේ තිබෙන ජනාධිපතිවරයා ඉවත්විය යුතුයි කියන යෝජනාව. ජනාධිපති මේ පුටුවේ වාඩිවෙමින්, මේ බලතල මෙහෙයවිමින් ඒ යටතේ අටවන අන්තර්වාර හෝ සභාග හෝ මේ ව්‍යවස්ථාව ඇතුළෙන් හෝ පිටතින් හෝ ගෙනෙන කිසිම යෝජනාවක් පිළිගන්න ජනතාව සූදානම් නෑ.
අපිටත් යෝජනා තියෙන්න පුලුවන්. තමුන්නාන්සේලා ගෙනන යෝජනා සලකා බලන්නත් පුලුවන්. හැබියි හැම යෝජනාවක්ම එක සාධාරණ කොන්දේසියටකට යටත්. ඒ සාධාරණ කොන්දේසිය තමයි මේ ප්‍රශ්නයේ බුර බුර නැගෙන ප්‍රශ්නයේ කේන්ද්‍රය වන ජනාධිපතිවරයා ඉවත් කිරීම. ඊට පස්සේ සාකච්ඡා කරන්න පුලුවන් මොනවද යෝජනා කියලා.’