මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහාගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂ කැකුණවල මහතා අද නියෝගයක් නිකුත් කළේය.
අතිරේක මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ හිටපු ආණ්ඩුකාරවරයකු වන කීර්ති තෙන්නකෝන් මහතා ගොනු කළ පුද්ගලික පැමිණිල්ලක් අද කැඳවූ අවස්ථාවේදීය.
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ නීතිඥ ගුණරත්න වන්නිනායක මහත්වරුන් තෙන්නකෝන් මහතා වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූහ. මහජන මුදල් අවභාවිතා කිරීමක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.
ලබන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ද ඔහුට නියෝග කෙරිණි.