මාර්තු 31 රාත්‍රියේ මිරිහානේ තිබුණ විරෝධය මොහොතේ ආරක්ෂක ප්‍රධානීන් කිහිපදෙනෙක් රැස් වූ බවත්, ඒ රැස්වීමට නිශ්ශංක සේනාධිපති නම් රජයේ ආරක්ෂක අංශවල තනතුරක් නැති ව්‍යාපාරිකයා සහභාගී වූ බවත්, ‘බයවෙන්න දෙයක් නෑ. මම දෙසීයක් බැස්සුවා’ කියලා කී බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
අප්‍රියෙල් 06 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති රැස්වීමේදී ඔහු එහෙම කීවා.
එය ඉතා භයානක ප්‍රකාශයක් බව අමුතුවෙන් කියන්න ඕනෑද? ආරක්ෂක රැස්වීම්වලට මේ ව්‍යාපාරිකයා සහභාගී වුණාද?