ගෝඨාභය පාර්ලිමේන්තුවට ඇවිත් ගියාලු!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අප්‍රියෙල් 06 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු ඇතුලු පිරිසක් කීවා.

මෙසේ ඇවිත් තිබෙන්නේ පාන්දර 8.15ට පමණ. එහෙත් ඔහු රහසිගතව තමයි රැඳී සිටි බව වාර්තා වන්නේ.

ඔහු පැමිණි බව පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ වුණේ නැහැ. මාධ්‍යවලිනුත් වාර්තා කර තිබුණේ නැහැ. එහෙත්, ඔහු රහසේ පැමිණ ගොස් ඇති බව මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් දැන සිටියා. ඔහුගේ ආත්මාරක්ෂාව පිළිබඳ සාධාරණ හේතු මත මෙම පැමිණීම රහසක්ව තබාගත් බව තමයි ආරංචිමාර්ග පවසන්නේ.

මෙසේ පැමිණීමට හේතුව හෙළි නොවූවත්, මේ වන විට ආණ්ඩුවේ බහුතර බලය අහිමිවෙමින් තිබෙන පසුබිමක ජනාධිපතිවරයා සහභාගී වී ඇති බව අනුමාන කෙරෙනවා.

ජනාධිපතිවරයා මාස තුනකට වතාවක් පාර්ලිමේන්තුවට පැමිණ සභාවේ අසුන්ගත යුතුයි. මෙවර ඔහු එලෙස සහභාගී වී තිබුණේ නෑ. මීට පෙර ජනාධිපතිවරයා මුල්ම වරට පාර්ලිමේන්තු පැමිණි දිනයේ තනි මෝටර් රියකින් තනිවම ඔහු පැමිණෙන අන්දම දැක්වෙන ඡායාරූපයක් ප්‍රසිද්ධ වුණා. එහෙත් මේ වන විට රටේ පොදුජනතාව අතරින් නැගෙන විරෝධතා නිසා අති දැවැන්ත ආරක්ෂාවක් නැතිව ඔහුට ගමන් බිමන් යන්නට අසීරු තත්වයක් උදා වී තිබෙනවා.