බහුතරය පෙන්නපු ගමන් බැසිල්-ජොනී ලයින් එකේ කැබිනට්ටුවක් හදනවාලු!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉවත් නොවන පසුබිමක, ඉක්මනින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට කටයුතු කරන බව ආණ්ඩුවේ ඉහළ ආරංචිමාර්ග පවසනවා.

බැසිල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු ආණ්ඩුවේ අංක එකේ පොහොට්ටුකාරයන්ගේ යෝජනා, උපදෙස් සහ අදහස් මත මේ සඳහා සාකච්ඡා සිදු කෙරෙනවාලු. අප්‍රියෙල් 06 වැනිදා හැන්දෑවේ අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක් මේ ගැන පැවැත්වුවාලු.

එක් ඇමතිවරයෙකු පැවසුවේ ආණ්ඩුවට 113කට වැඩි බහුතරයක් පෙන්වූ විගස ආණ්ඩුවක් පිහිටුවන බව ආණ්ඩුව පාර්ශ්වයේ ප්‍රබල සාමාජිකෙයකු කීවා. මේ ව විට ආණ්ඩුව පැත්තේ 119ක් සිටින බවත්, ඒ අතරින් 117ක් ආණ්ඩුව පැත්තේ සිටිනවායැයි හරියටම තහවුරු වී ඇති බවත් ඒ කෙනා කීවා. දෙදෙනකු අවිනිශ්චිත නිසා.

අප්‍රියෙල් 11 සඳුදා අයිඑම්එෆ් වෙත යෑමට පෙර මෙම කැබිනට් මණ්ඩලය පිහිටවනු ඇති.

‘අපි අයින්වෙලා ඉඩ දුන්නානේ. ජනාධිපතිතුමා හැමෝටම ඇරියා ලියුමක් භාරගන්න. අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්න කිව්වා. ජේවීපී, යූඇන්පී ඇරියා. එයාලා අනුනායක හාමුදුරුවන්ගේ ඉල්ලීම කුණුකූඩයට විසි කළා.’ යනුවෙන් තවත් ඇමතිවරයෙකු කීවා.

හිටපු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වීම සිදු වුණේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ආ ඉල්ලීම නිසා බව ආණ්ඩුව පැත්තෙන් කියනවා. එහෙත් ඇත්තටම අන්තර්කාලීන ආණ්ඩු පිහිටුවීම සිදු විය යුත්තේ බලයේ සිටින ආණ්ඩුවේ නායකයන් ඉල්ලා අස්වීමෙන් පසුව. මෙතැන සිදු වුණේ අගමැති සහ ජනාධිපති සිටියදීම වෙනත් පිරිසක් පත් වීම.