හෙට සිට ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ශ්‍රී ලංකා පොලීසියට කෑම ලෙස සඳහන් කරමින් විශ්‍රාමික මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
කෑම යනු ආහාරද ප්‍රහාරයක්ද යන්න එතුමා පැහැදිලි කර නැහැ. ඒ කියන්නේ හමුදාව අප්‍රියෙල් 06 සිට කේටරින් සර්විස් එකක් ආරම්භ කරනවාද?
චාගි ගාල්ලගේ මහතා එහි සටහන් කර ඇත්තේ ‘මෙය නොදන්න ටිංකිරි වලට කහින බයියන්ගේ දැනගැනීම පිණිස’ පළකල එකක් බව. එයින් නම් වැටහෙන්නේ හමුදාවෙන් හෝ චාගි ගාල්ලගේ මේජර් ජෙනරාල්වරයා කේටරින් සර්විස් එකක් නම් ආරම්භ කර නොමැති බව.
ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු විසින් අද (05) පස්වරුවේ පාර්ලිමේන්තුව අසළ පැවති විරෝධතාවයට පැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යතුරු පැදි කණ්ඩායමට අයත් යතුරු පැදි හතරකට බාධා එල්ලකර නොමනා ලෙස හැසිරුණු බවට යුද හමුදාපතිවරයා විසින් පොලිස්පතිවරයාව දැනුවත් කර ඇති පසුබිමක චාගි ගාල්ලගේ මහතා මෙම සටහන තබා තිබීම අමතක කරන්න බෑ.
දැන් ප්‍රශ්නය චාගි ගාල්ලගේ මහතාට මේ තරම් තර්ජනයක් කරලා නිදැල්ලේ ඉන්න පුළුවන්ද කියන එක.