භාණ්ඩාගාර ලේකම් ඉල්ලා අස්වෙයි! මේ තත්වෙට වගකියන්න ඕනෑ තව කෙනෙක්!

භාණ්ඩාගාර ලේකම් එස්ආර් ආටිගල ඉල්ලා අස්වන බව නිල වශයෙන් වාර්තා වෙනවා.

ඊයේ සිට ඔහු ඉල්ලා අස්වීමට සූදානම් බව ප්‍රවෘත්ති වාර්තා පළ වුණා. මේ මුදල් ඇමතිවරයා සහ මහබැංකු අධිපති ඉල්ලා අස්වීමේ සිදුවීම්වලම දිගුවක්. ආණ්ඩුව උත්සාහ කරන්නේ ඉක්මනින් මෙම තනතුරුවලට වෙනත් නිලධාරීන් පත් කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත අප්‍රියෙල් මැද සතියේ යොමු වෙන්නටයි.

එස්ආර් ආටිගල මෑත කාලයේ රට මේ තත්වයට පත් වීම ගැන වගකියන්න ඕනෑ පුද්ගලයෙක්. ඔහු දේශපාලන නායකයන්ගේ වුවමනා එපාකම් ඉටු කරන්නෙක් වගේම, ඇත්තම ආර්ථික තත්වය ගැන ආර්ථිකය ගැන මෙලෝ කළඳක් නොදත් පාලක පවුලට තේරුම් කරලා නොදුන් නිලධාරියෙක්.

ආටිගල, පීබී ජයසුන්දර සහ කබ්රාල් වැනි පාලකයන්ට වැරදි උපදෙස් දුන් නිලධාරීන්ද මේ රට මෙතැනට වැටීම ගැන ඉහළින්ම වගකියන්න ඕනෑ.