හර්ෂණ සිල්වා
ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා මෙම බ්‍රහස්පතින්දා (7) මහ බැංකු අධිපති ධුරය බාරගන්නා බව බී.බී.සී. පුවත් සේවයට පවසා ඇත.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කිරීමත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය පුරප්පාඩු විය.
ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, සිය විශ්‍රාම යෑමේ නියමිත දිනයට පෙර මාස තුනක සහ දින 15ක නිවාඩුක් ලබාගත්තේ ය.
හෙතෙම මෙලෙස නිවාඩු ලබාගත්තේ 2020 වසරේ දී ය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ එවකට සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූයේ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ය.
ඔහු වසර 30කට ආසන්න කාලයෙක් ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ ධුර දරමින් සේවය කළේ ය.
ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නියෝජ්‍ය අධිපති ධුරයට පත්වූයේ 2011 වසරේ දී ය. පසුව ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ධුරයට තවදුරටත් උසස් කෙරුණි.
විශ්‍රාම ගැනීමෙන් පසු ඔස්ට්‍රේලියාවට ගිය වීරසිංහ මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය බාරගැනීම සඳහා මේ වනවිට නැවත ලංකාවට පැමිණෙමින් සිටින බව වාර්තා වන අතර ඔහු හෙට මෙරටට පැමිණෙනු ඇතැයි වාර්තා වේ.
“ජනාධිපතිවරයා මට දුරකතන ඇමතුමක් දී මහ බැංකු අධිපති ධුරය පිරිනැමුවා. මෙම එය පිළිගත්තා” යැයි ආචාර්ය වීරසිංහ මහතා රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබිණි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ, මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය අද (5) පැවැත්වීමට නියමිතව තිබුණු නමුදු එය දින නියමක් නොමැතිව කල් දමා ඇත.
ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශ්‍රාම ගන්නා අවස්ථාවේදී, ශ්‍රී ලංකා මහ බැංකුවේ සිටි අනෙක් ජ්‍යෙෂ්ඨම නිලධාරියා වූ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා ද විශ්‍රාම ගත්තේ ය.
සේ අවස්ථාවේදී, හිටපු මුදල් අමාත්‍යවරයකු වන අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ආර්ථික ඝාතකයකුට චෝදනා කර තිබිණි.
මංගල සමරවීර මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ දැක්විණි.
“විවිධ අභියෝග මධ්‍යයේ වුව ද ආර්ථිකය නොගිලි තබාගැනීමට අඛණ්ඩවත් ඉතා ඵලදායීවත් උදව් උපකාර කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකුට ඔවුන්ගේ විශ්‍රාම දිනටත් පෙර නිවාඩු යෑමට බලකර ඇත. මෙය ශ්‍රී ලංකා මහ බැංකුවට ඓතිහාසික පළමු අවස්ථාවක්. ‘ආර්ථික ඝාතකයා’ නැවත පහර දෙයි !.”