අයථා විදියට උපයගත්ත සල්ලිවලින් නාමල් හදපු කම්පැණියක් වන ගවර්ස් කෝපරේට් ගැන නඩුවක් නාමල්ට රට යන්න ලේසි වෙන විදියට ඉක්මනින් කැඳවන්න කියලා නාමල් වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලලා.
අධිකරණය අපේර්ල් 28 වැනිදා නඩුව යොදාගෙන.
නාමල් ඇතුළු හය දෙනෙක්ට තමයි මේ කම්පැණියට අදාල නඩුව තියෙන්නේ.
මීට කලින් නාමල් රාජපක්ෂලා වගේ අය සෑහෙන ඈත දින ඉල්ලමින් නඩු කල් දැමීමයි කළේ. මෙදා පාර නඩුව ඉක්මන් කරන්න කියලා. නඩු දිනයෙන් පස්සේ රට යන්න බලාගෙන.
පාර්ලිමේන්තු විදියට කටයුතු කරමින් ගවර්ස් කෝපරේට් සමාගම 2013 ඉඳලා 2014 දක්වා කාලසීමාවේ අයුතු ලෙස මිලියන 30ක ලාභයක් ලබා මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදුකළා කියලයි නඩුව තියෙන්නේ. නීතිපති දෙපාර්තෙම්න්තුව තමයි පැමිණිල්ල මෙහෙයවන්නේ.
නාමල් රාජපක්ෂ, ගවර්ස් කෝපරේට් සමාගම, සමාගමේ අධ්‍යක්ෂවරුන් විදියට කටයුතු කරපු ඉන්දික ප්‍රභාත් කරුණාජීව, සුජානි බෝගොල්ලාගම, ඉරේෂා සිල්වා, නිත්‍යා සේනානි සමරනායක යන අයව නීතිපතිවරයා නම් කරලා තියෙනවා.