මේ වන විට ශ්‍රී ලංකාවේ සංචිත ප්‍රමාණය සැබෑ ලෙස බිංදුවටම වාගේ හිඳිලා තිබෙන බව මූල්‍ය ක්ෂේත්‍රයේ තතු දත් ආරංචිමාර්ග සඳහන් කරනවා.
ඔවුන් පෙන්වාදෙන්නේ ප්‍රායෝගිකව සැලකුවොත් විදේශ සංචිත සම්පූර්ණයෙන්ම අහවර බව. ඒ නිසා මේ වෙද්දී මිලියන තිහේ හතළිහේ ගෙවීම් කරන්නත් සල්ලි නෑ.
පෙබරවාරි මාසය පුරා ඉතා අඩු සංචිත ප්‍රමාණයක් තිබුණු බවත්, මාසයේ අග වාර්තාවක් නිකුත් කරන්නට ඕනෑ නිසාවෙන් හදිසියේ ලබාගත් මුදලක් ඇතුළත්ව ඩොලර් මිලියන 814ක ඩොලර් සංචිත ප්‍රමාණයක් වාර්තා කරන්නට හැකි වූ බව එම ආරංචිමාර්ග කියනවා. ඊට කලින් මාසය වන ජනවාරියේ ඩොලර් මිලියන 861ක් පමණයි තිබුණේ.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මාර්තු මාසෙය් තිබුණ සංචිත ප්‍රමාණය මහ බැංකුව අප්‍රියෙල් මාසයේ මැද වන විට නිකුත් කළ යුතු බවත්, ඒ නිකුත් කරද්දී සැබෑ සංචිත ප්‍රමාණය ඉතා අඩු වනු ඇති බවත්.
මේ ඩොලර් ප්‍රමාණය ගණනය කර ඇත්තේ චීනය අපට දුන්න මූල්‍ය හුවමාරු ගිවිසුම් නැතිව. චීනය දුන්න සල්ලි නිල වශයෙන් අපේ සංචිත එකතුවට දාලා තියෙන නමුත්, ඒ සල්ලි ඩොලර් නෙවෙයි. චීන සල්ලි දීලා තියෙන්නේ. ඒවා ගන්න පුළුවන් අපි චීනයෙන් මොනවාහරි භාණ්ඩ ගෙන්වන වෙලාවක, චීන අපනයනකරු අපේ ආනයනකරුගෙන් යුවාන්වලින් ගෙවීම් ලබන්නට කැමති නම්. ඒත්, ඇත්තටම ගොඩක් චීන අපනයනකරුවන් ඩොලර්වලින් සල්ලි ගෙවන්න කියා කියනවාලු.
මතුපිටින් කුමක් පෙන්වුවත් ඇත්තම තත්වය සංචිත අහවර බව.
ඒකට තව ප්‍රධාන හේතුවක් වෙරිටේ රිසර්ච් ආයතනයේ පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය පෙන්වා දී තිබෙනවා.

ජනවාරි මාසයේ වාර්තා වූ ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 2,362ක් වී තිබුණු අතර, එයින් සීයට 98ක් මාස 12ක් තුළ කල්පිරෙන කෙටිකාලීන මූල්‍ය හුවමාරු ගිවිසුම්වලින් හෙවත් අතමාරුවලින් සමන්විත බව වෙරිටේ රිසර්ච් ආයතනය මහබැංකුව උපුටා දක්වමින් සඳහන් කරනවා.
මතක තබා ගන්න, අපි කලින් ජනවාරියේ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 861 කීවේ චීන සල්ලි නැතිව. වෙරිටේ වාර්තාව සකස් කර ඇත්තේ චීනය දුන්න සල්ලිවලට සමාන ඩොලර් අගය එකතු කරමින් මහ බැංකුව නිකුත් කරපු වාර්තා මත පදනම් වෙලා.
ඒ වාර්තාව අනුව 2022 ජනවාරි වන විට වාර්තා කරන ලද දළ නිල සංචිතය ඇමෙරිකන් ඩොලර් මිලියන 2,362 ක් පැවතුණා. එයින් සීයට 98% ක් හෙවත් ඩොලර් මිලියන 2,318ක් මාස 12ක් ඇතුළත කල් පිරෙන කෙටි කාලීන හුවමාරු වලින් සමන්විත වුණා.
වෙරිටේ රිසර්ච් ආයතනය වාගේම අනෙකුත් මූල්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා, සාමාන්‍යයෙන් මේ විදියට ඉක්මනින් කල්පිරිලා අහවර වෙන මූල්‍ය හුවමාරු හෙවත් අතමාරු රටේ ස්ථාවර සංචිත ගොන්න ඇතුළේ තියා සලකන්නේ නැති බව. ඒ කියන්නේ ඒවා දිගුකාලීන ස්ථාවර විදේශ වත්කම් නෙවෙයි.
ඒ නිසා සීයට කීයක් ස්ථාවර දිගුකාලීන ඒවාද? සීයට කීයක් කල්පිරිලා ඉක්මනට අහවර වෙන ඒවාද කියලා ප්‍රතිශත ටික ගණං හදන එක සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේදී සිද්ධ වෙනවා. ඒ අනුව තමයි අපේ තියෙන සොච්චමෙනුත් සීයට 98ක්ම කෙටිකාලීන ඒවා කියන එක භයානක කරුණක් වන්නේ.
මෑත කාලයේ බැංකුවල ඔළුවට පිස්තෝල තියලා මූල්‍ය හුවමාරු ගිවිසුම්වලින් විදේශ සංචිත ලබා ගන්නට මහ බැංකුව කටයුතු කරපු බවත්, මේ තත්වය ආර්ථිකයට තවතවත් නරක බලපෑම් ඇති කරපු බවත් ඒ විශේෂඥයන් කියනවා.
හැබැයි ඔච්චර සංචිත වැටිලා තියෙද්දීත් 2022 මාර්තු මාසයේදී මිලියන 110ක් ණය පොළී ගෙවන්නට මේ අසංවේදී පාලකයන් කටයුතු කළා.
ඔය විදියට සල්ලි ගෙව්වේ මිනිස්සුන්ට සෑහෙන දින ගණනක් විදුලිබලය සහ ඉන්ධන ලබා ගන්න පුළුවන්කම තියෙද්දී. ඊට අමතරව පසුගිය මාස කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාව පොළී ගෙවමින් හිටියේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නැයි කාලයක් තිස්සේ විශේෂඥයන් කී දේවල් තඹේකට තකන්නේ නැතිව. අපට ණය දුන්න ණය හිමියන් පෝසත් කරන අතෙර්, පොඩි මිනිහාගේ පීඩනය සම්පූර්ණයෙන් නොතකා හරින්නට ඔවුන් පියවර ගත්තා.