ඥාණා අක්කාගේ නිවසට ගල් ප්‍රහාර! හමුදා ආරක්ෂාව!

අනුරාධපුර නගරයේ කාලි කෝවිලක් පවත්වමින් සිටින ඥාණා මෑණි නොහොත් ඥාණා අක්කාට මේ වන විට හමුදා ආරක්ෂාව සපයා ඇති බවත් ඇයව අනුරාධපුරයේ පිහිටා ඇති හමුදා කඳවුරක් තුළ රඳවා ගෙන සිටින බවත් හමුදා ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ වෙතත් අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කාගේ නිවසට අප්‍රේල් 04 දින රාත්‍රියේදි විරෝධතාකරුවන් විශාල ප්‍රමාණයක් පැමිණ විරෝධතාවක් පවත්වා තිබුණි. එම නිවසට ගල් ප්‍රහාර එල්ල කර ඇති නිවසට අලාභහානි සිදු වී ඇත. ඉන්අනතුරුව තතත්වය පාලනය කිරීමට අදාල ස්ථානයට යුධ හමුදාවද කැදවා තිබුණි

අනතුරුව පොලීසිය හා යුද හමුදාව එක්ව අදාල කාන්තාවගේ නිවසට හා අවට ප්‍රදේශයට මෙන්ම දේවාලයටද දැඩි ආරක්ෂාවක් සපයා ඇත.