දවසේ මුදල් ඇමති ඉල්ලා අස්වෙයි!

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසුව නව මුදල් ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන් අලි සබ්රි මහතා මුදල් ඇමතිවරයා ලෙස දිවුරුම් දී දිනක් යෑමට පෙර ඉල්ලා අස් වී ඇත.

අප්‍රේල් 04 වන දින දිවුරුම් දුන් ඒ මහතා අප්‍රේල් 05 වන දින වන විට මේ ආකාරයෙන් ඉල්ලා අස් වී ඇත.

හිටපු අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අලි සබ්රි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා ලෙස කටයුතු කළ අතර ජනාධිපතිවරයාගේ කිට්ටු හිතවතෙකු නිසා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේනතුවට පත් විය.