පොලිස් පහරදීම නිසා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයකු මිය ගිය බවට පැතිර යන කතාවේ කිසිම සත්‍යතාවක් නැතැයි කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
මිරිහානේ පැවැති විරෝධතාවයේදී පොලිසියේ සහ හමුදාවේ පහරකෑම ලක්වූ පිරිසක් කළුබෝවිල රෝහලේ, ජයවර්ධනපුර රෝහලේ සහ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති.
