ජනාධිපතිවරයාට ගෙදර යන්න කියා පැවැත්වූ විරෝධතා පාවිච්චි කරමින් දැන් සිදුව ඇත්තේ ජනාධිපතිවරයාට මෑත ඉතිහාසයේ කවරදාටත් වඩා බලය වැඩි වීම. දැන් ජනාධිපතිවරයාට ධුරයේ බලතල සහ තමන්ගේ අමාත්‍යාංශවල බලතලවලට අමතරව, තවත් විෂය ගණනාවක ඇමතිවරයා ලෙස ඒ ඒ විෂයන්ට අදාල පනත්වලින් ලැබෙන බලතල හිමිවෙලා.
ඒ අනුව ඉතා බලගතු ඒකාධිපතියෙක් තරම් ජනපති බලවත් වෙලා. ඒ විතරක් නෙවෙයි, මේ වගේ අර්බුදකාරී වෙලාවක විෂයන් හැටහුරහමාරක් ගැන හොයා බලන වැඩේ මේ දුර්වල අමනෝඥ පාලකයාට පැවරිලා.
දැන් අගමැති හැර කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් සියලුදෙනා ඉල්ලා අස් වෙලා. විෂයන් කිහිපයකට පමණක් අලුතින් ඇමතිවරුන් කිහිපදෙනෙක් ආපහු දිවුරුම් දීලා.
මේ ඉල්ලා අස්වීමේ ලියුම මහින්ද අතට දීම ප්‍රශ්නයක් කියලා සමහරුන් කීවා. මොකද ව්‍යවස්ථාව අනුව ඇමතිවරුන් ලියුම දෙන්න ඕනෑ ජනාධිපතිට. එහෙත්, මේ ලියුම ජනාධිපතිවරයා වෙත ලියූ ලියුමක් නම් ඒ වෙලාවේ අගමැති අතට දුන්නත්, තැපැල්කාරයා අතට දුන්නත්, පරෙයියෙක් අතේ එව්වත් අවුලක් නැහැ. අපි හොයා බැලුවාම කීවා, ලියුම නිවැරදි විදියට හදපු එකක් බව. ඒ අනුව කැබිනට් එක විසිරුණා.
ඊට පස්සේ නැවත දිවුරුම් දුන්නේ මුදල්, මහාමාර්ග, අධ්‍යාපන, විදේශ කටයුතු විෂයන් භාර ඇමතිවරුන්. ඒ අතරින් මුදල් හැර අනෙක් හැම ඇමතිම තමන් හිටපු ඒවායේම ඊයේ අස්වෙලා අද දිවුරුම් දුන්නා.