#GoGotaHome අදත් විරෝධතා රැසක්

ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් සහ තවත් ඉල්ලීම කිහිපයක් ඉල්ලමින් මුල්කරගනිමින් අද උදෑසන ජාඇලදී විරෝධතාවක් ආරම්භ විය.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන රතිඳු සුරම්‍ය සේනාරත්න (රැට්ටා) ඇතුළු පිරිසක් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණු අතර ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටිති.

සියලු රාජපක්ෂවරුන්ට දේශපාලනයෙන් ඉවත්වන්නැයි බල කරන බව ද උද්ඝෝෂකයෝ ප්‍රකාශ කළහ.