රටපුරා විරෝධතා! ජනතාව කාල්ටන් වටලයි!

අප්‍රේල් 04 වන දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ගෙදර යන්න යැයි පවසමින් රට පුරා විරෝධතා මාලාවක් පැවැත්වෙමින් ඇති අතර තංගල්ල කාල්ටන් නිවස අසල විරෝධතාවක් පවත්වා ඇත.

කාල්ටන් නිවස අසළ පැවැත්වූ විරෝධතාවට විශාල පිරිසක් සහභාගී වී ඇති අතර පොලිස් මාර්ග බාධාක තල්ලු කර දමමින් විරෝධතාකරුවන් ඉදිරියට ගොස් ඇත. ඒ අවස්ථාවේදී පොලිස් මාර්ග බාධක තල්ලු කර දමන අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට එය පාලනය කරගන්නට නොහැකිව නිලධාරීන් එම ස්ථානයෙන් දිව යන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් ඇත.

කුරුණෑගල, ගාල්ල, හෝමාගම, ගම්පහ සහ කොළඹ අවට ස්ථාන කිහිපයක උද්ඝෝෂණ මාලා රැසක් පවත්වා ඇති අතර සවස්වරුවේද ස්ථාන රැසක උද්ඝෝෂණ රැසක් පැවැත්වීමට නියමිතය.