අපේර්ල් 03 රාත්‍රියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීම අවසානයේ අගමැති මහින්ද රාජපක්ෂ හැර සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වෙමින් පත්‍රිකාවකට අත්සන් ඉල්ලලා. කැබිනට් මණ්ලඩලයේ ගැටුම්කාරී තත්වයකුත් ඇති වෙලා.
මිනිස්සු ඉල්ලුවේ එකක්. සිදු වුණේ අනෙකක්.
කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් නොවිය යුතු බව බැසිල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පිරිසක් කියලා. ආර්ථික අර්බුදය විසඳාගත්තොත් ආණ්ඩුවට පවතින්න පුළුවන් කියලයි ඒ ඇමතිවරුන් අතර සාකච්ඡා වෙලා තිබුණේ. එහෙත් සාමාජිකයන් සැලකිය යුතු පිරිසක් දැන් ආණ්ඩුව අස් වීම හැර විකල්පයක් නැති බව කියලා. මේ මතගැටුම නිසා දරුණු වාග් ප්‍රහාර වගේම, යම් දුරකට අතින් පයින් ගැටුමකට යන්නත් අවදානමක් ආවාලු.
මහින්ද රාජපක්ෂ අගමැතිවරයා පවා කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වෙන කතාවට එකඟ වෙලා නැහැ.
ඔය අස්සේ අගමැති මහින්ද ඉල්ලා අස් නොවිය යුතු බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා තිබෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් වෙන බව මීට පෙර සමීපතමයන් කිහිප දෙනෙකුටම දැනුම් දී තිබුණත්, ඔහු පවා සියලුදෙනා ඉල්ලා අස්වීමේ ලිපිය ගැන අදහසට එතරම් එකඟ නොවූ බව ආරංචිමාර්ග කියනවා.
අන්තිමේ ඉල්ලා අස්වෙන ලියුම ඇවිත්. ඒ ලියුමට මුලින්ම මහින්ද අමරවීර සහ නිමල් සිරිපාල යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් දෙන්නා අත්සන් කරලා. එයින් පසු ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයා අත්සන් කරලා. එකිනෙකා අත්සන් කරන්නට පටන් ගෙන ඇත්තේ ඉන් පසු. මුලින්ම අත්සන් කළ ඇමතිවරයෙකු කීවේ ඝෝෂාව එක්ක තමන් අත්සන තබා පිටව ආ බව. බැසිල් රාජපක්ෂ ඇතුළු අය අත්සන් කළාදැයි නොදන්නා බව.
එහෙත් කැබිනට් මණ්ඩලය අස්වෙන්න ඕනෑ නෑ කියා තර්ක කරපු, බැසිල් රාජපක්ෂ මහතාට හිතවත් තවත් ඇමතිවරයෙක් අප විමසූ විට කීවේ බැසිල් රාජපක්ෂ ඇතුළු හැමෝම අත්සන් කරපු බව.
දැන් තත්වය අනුව කැබිනට් මණ්ඩලය නිල වශෙයන් විසිර යන්නේ නෑ. අගමැතිවරයා සිටින නිසා. අනෙකුත් ඇමතිවරුන් ඉල්ලා අස්වීමයි සිදු වන්නේ. කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී නොවූ ඩලස් අලහපෙරුම, වාසුදේව නානායක්කාර ඇතුළු අයත් ඉදිරියේදී අස්වීමේ ලිපි බාර දෙනු ඇති.
කෙසේ වෙතත් අගමැති මහින්ද ඉල්ලා අස් නොවූ නිසා නිල වශෙයන් මින් ඉදිරියටත් ඉන්නේ ඒ කැබිනට් මණ්ඩලයමයි.