කබ්රාල් ගෙදර යයි

මහ බැංකු අධිපති ධූරයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දී ඇති බව පවසා ඇත.

මේ පිළිබඳව තම ට්විටර් ගිණුමේ අප්‍රේල් සටහනක් තබමින් ඒ මහතා පවසා ඇත්තේ සියලු කැබිනට් ඇමතිවරු තම ඇමතිධුර වලින් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති මේ අවස්ථාවේදී, මා පමණක් සේවය කළ ශ්‍රි ලංකා මහ බැංකු අධිපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමන් විසින් ජනාධිපතිතුමාට යොමු කළ බවය.