ජනාධිපතිවරයාට විරෝධය පලකරමින් නුගේගොඩ – විජේරාම මංසන්ධියේදී පැවැත්වෙන විරෝධතාවය පාලනය කිරීමට ජල ප්‍රහාරක රථ සමඟ පැමිණි පොලිසිය එම රථ ඉවත් කරගෙන පිටව ගොස් තිබේ.
මෙම උද්ඝෝෂණ සඳහා දහසකට අධික තරුණ තරුණියෝ පිරිසක් සහභාගී වූහ. උද්ඝෝෂකයෝ අද දවල් සිට සටන් පාඨ කියමින් සාමකාමීව විරෝධතා පළ කළහ.
පොලිසිය සහ පොලිස් කැරලි මර්දන අංශ ජල ප්‍රහාරක රථද සමඟ එම ස්ථානයට පැමිණ සිටි අතර අද සවස්වරුවේ පොලිසිය පිටව ගියේය.
උද්ඝෝෂකයෝ සාමකාමීව නුගේගොඩ දෙසට ගමන් කරමින් සිටිති.
