මිරිහාන ප්‍රදේශයේ සිදු කළ විරෝධතා පැවැත්වූ පුද්ගලයන්ව ‘අන්තවාදි’ ක්‍රියා සිදු කළ පිරිසක් ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණු අතර එයට විරෝධය දක්වමින් ප්‍රවීණ ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය තම මුහුණුපොතේ සටහනක් තබමින් විරෝධය පළ කර ඇත.
අප්‍රේල් 02 වන දින අදාල සටහන ගබා ඇති අතර ඇය පවසා ඇත්තේ අදාල විරෝධතා සාමකාමී විරෝධතා මිස විනාශයක් ඇති කිරීමට උත්සාහ කරන අන්තවාදී කණ්ඩායම් නොවන බව පැහැදිලි කිරීමට ඇය අදාල සටහන තබන බවය.
අදාල සටහන පහතින්
මේ නැගෙන්නේ බඩගින්නේ සිටින කලකිරුණු මිනිසුන්ගේ හඬ මිසක් අන්තාවාදීන්ගේ හඬ නොවන බවත්, ඒ යථාර්ථය පැහැදිලි කිරීමට තමන්ගේ වේදිකාව භාවිතා කරන බවත් ප්‍රවීන යෞවන ගායිකා උමාරියා සිංහවංශ සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් කියා සිටියි.
එකට එකතු වීමකින් තොරව මේ සටහන ජය ගත නොහැකි බව ඇය එම සටහනේ දක්වා ඇත.
ඇය තැබූ සංවේදී වූත් යාථාර්ථවාදී වූත් සටහන පහත දැක්වේ.
ඊයේ පෙරේදා වැඩ වලට පිට රට ආවා… හැබැයි හිත ලංකාවේ… සිංදු කිව්වත් හරි මනසක නෙවේ අපිත් ඉන්නේ.
දැන් මාස ගානක් තිස්සේ අපිත් කලකිරිලා, ලංකාවේ අසරණ මිනිස්සු කන්න නැතුව, light නැතුව, තමනගේ දරුවන්ට කිරි දෙන්නවත් විදියක් නැතුව පාරේ ගානේ රස්තියාදු වෙනවා තමන්ගේ පවුල් රකින්න. මේවා හරිද!?
අපේ වගේ සම්පත්, සංස්කෘතිය, භූ දර්ශන, ඉතිහාසය, ආගන්තුක සත්කාරය, ආහාර වලින් පොහොසත් රටක් වෙන කොහෙද..?
මේ රටේ මිනිස්සු ගොඩක් දුක් විඳලා තියනවා! අපි එකට එකතු වුණොත් මිසක් අපි කවදාවත් මේකෙන් එලියට එන්නේ නැහැ.
හැමදාම නිදහසට කාරණා අහන් ඉන්න පුළුවන්ද?!
මේවා සාමකාමී විරෝධතා මිස විනාශයක් ඇති කිරීමට උත්සාහ කරන අන්තවාදී කණ්ඩායම් නොවන බව පැහැදිලි කිරීමට මම මගේ වේදිකාව භාවිතා කරමි!
මේවා මේ රටේ අසරණ බඩගින්නේ සිටින කලකිරුණු මිනිසුන්ගේ හඬයි. මේවා අපේ අයිතිවාසිකම්.
ශ්‍රී ලංකිකයින් වශයෙන් අපි සෑහෙන්න දුක් වින්දා!
දැන් ඇති. රට බේර ගමු!
