ආණ්ඩුව මහජන ආරක්ෂක නීතිය අවභාවිත කරමින් සිටින බව විපක්ෂය නායක සජිත් ප්‍රේමදාස මහතා අද (3) පෙරවරුවේ පැවැසීය. කොළඹ, ටොරින්ටන් පෙදෙසේ නිදහස් චත්‍රරශ්‍රය ආසන්නයේ විපක්ෂය නායකවරයා මේ බව පැවැසීය.
විවිධ ප්‍රදේශවල ජනතාව, තනි තනිවත් කණ්ඩායම් වශයෙනුත් විරෝධතා පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර බොහෝ පිරිසක් අද කොළඹට පැමිණීමට නියමිතව තිබිණි. එසේ තිබියදී ආණ්ඩුව ඊයේ (4) රටට ම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීය. ජනතාව පැමිණීම වළක්වලමින් පොලිසිය යෙදවීමට ද ආණ්ඩුව පියවර ගෙන තිබූ අතර ප්‍රධාන ස්ථානවල මාර්ග බාධක පනවා තිබිණි.
සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධතාවක් සඳහා නිදහස් චතුරශ්‍රය ආසන්නයට පැමිණියේ මේ අතරවාරයේ දී. හදිසි නීතිය සහ ඇඳිරි නීතිය පනවා තිබියදී රටේ ස්ථාන රැසකට මහජනතාව රැස්වීම විරෝධතා පැවැත්වෙන අතර පුද්ගලයන් තනි තනිව විරෝධතාවලට නියැළෙන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබිණි. සමාජ මාධ්‍ය තහනමක් පනවා තිබියදී විවිධ වී.පී.එන් (VPN) භාවිත කරමින් ජනතාව සිය ඡායාරූප සහ විඩියෝ පට ප්‍රසිද්ධ කර තිබිණි.
නිදහස් චතුරශ්‍රය දෙසට යෑමට පැමිණි විපක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට මෙන්ම එය ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන්ට ද පොලිසියෙන් බාධා එල්ල විය. මෙම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ඇමතූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවැසීය. “නිලධාරිතුමා, මේක ඔබතුමන්ලාට එරෙහිව කරන විරෝධයක් සටනක් නෙවෙයි.
ආණ්ඩුව මහජන ආරක්ෂක නීතිය අවභාවිත කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා තියෙන්නේ. අපේ රටේ මේ රටේ පුරවැසියන්ගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් තිබෙනවා.
මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරලා තිබෙනවා. උසාවි යන්න වෙන්නේ ඒගොල්ලන්ගේ නෙමෙයි. ඔයාලට. අපි මේ කරන්නේ සාමකාමී උද්ඝෝෂණයක්. ඇඳිරි නීතිය දාලා තියෙන්නේ ජනමතය පාලනය කරන්න. මර්දනය කරන්න. ජනමතය විනාශ කරන්න. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය විනාශ කරන්නනේ”. “රටේ ලක්ෂ දෙසීය වෙනුවෙන් පෙනී සිටින්න” යැයි ද විපක්ෂ නායකවරයා පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේ ය. ආණ්ඩුව පොලිසිය සහ හමුදාව මඩවමින් සිටින බව මෙහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවරුන් වන හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් මෙහිදි අදහස් දැක්වූහ.