ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් යන්න ලෑස්තියි!

‘මම දැනටමත් අස්වීමේ ලිපිය ලියාගෙන ඉවරයි. මම හිත හිත ඉන්නේ මේ දැන් අස්වෙනවාද කියලා. කොහොමත් ශ්‍රීලනිප ඇමතිවරුන් දවස් දෙකතුනක් ඇතුළත අස්වේවි.’ යනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙක් අප කරපු විමසීමකදී කීවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් වුණත්, ඊළඟ මැතිවරණය තෙක් අන්තර්වාර ආණ්ඩුවක් හදන්නට පොදු එකඟතාවක් ඇති වුවහොත් එයට සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටින බව එම රාජ්‍ය ඇමතිවරයා කීවා.

වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් වුවහොත් කැබිනට් මණ්ඩලය විසිර යනවා. දැන් ඇතැම් ඇමතිවරුන්, ඊට පෙර තමන් ඉල්ලා අස් වී, ඒ බව ප්‍රසිද්ධ කරමින් තමන්ගේ දේශපාලන අනාගතය රැකගැනීමට උත්සාහ කරන බව එක් ඇමතිවරයෙක් කීවා.

ඔහු කී විදියට ශ්‍රිලනිපයේ සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල අයට අමතරව දැනටමත් ආණ්ඩුවෙන් අයින් වෙන්නට බලාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් 25ක් පමණ ඉන්නවා.