ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස් වී ගෙදර යන ලෙසත් බඩු මිල අඩු කරන ලෙසත් ඉල්ලමින් රාජගිරිය තගරයේ මේ වන විට විරෝධතාවක් පැවැත්වෙමින් ඇත.
රාජගිරියේ පාලම යට, බත්තරමුල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් කරන මංතීරුවේ අදාල උද්ඝෝෂකයන් තම විරෝධතාව පවත්වන අතර එම ස්ථානයෙන් වාහන ගමන් කරන අවස්ථාවල අදාල වාහනවලට අසීරුතාවයකින් තොරව ගමන් කිරීමට විරෝධතාකරුවන් ඉඩ ලබා දෙමින් තම විරෝධතාවේ නිරත වන බව අප වාර්තාකරුවන් පවසයි.
එම විරෝධතාවට රාජගිරිය, නාවල, මාලඹේ සහ ඒ අවට ප්‍රදේශවලින් පිරිස් පැමිණ ඇති බවත් උද්ඝෝෂණය ඉතා සාමකාමීව පවත්වන බවත් අප වාර්තාකරුවන් පැවසීය.