රාජගිරියේ විරෝධතාකරුවන් විසිර යයි
නාමල් රාජපක්ෂ තම ඇමති ධුරයෙන් ඉවත් වීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් අනිවාර්යෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් විය යුතු බවත් රාජපක්ෂ පවුලේ සියලු සාමාජිකයන් ඉවත් විය යුතු බවත් පවසමින් රාජගිරිය ප්‍රදේශයේ උද්ඝෝෂණය කරමින් සිටි පිරිස විසිර ගොස් ඇත.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තම ධුරයෙන් ඉවත්ව ගියේ නැතිනම් එම පිරිස නැවතත් මෙම ස්ථානයට පැමිණ විරෝධතාවේ නිරත වන බවත් ඔවුන් පවසා ඇත.
තවද රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ව අත්අඩංගුවට ගත යුතු බවත් ඔවුන් ජනතාවගෙන් සොරා ගත් මුදල් නැවත පවරා ගත යුතු බවත් අදාල උද්ඝෝෂකයන් පවසා තිබුණි.
අදාල විරෝධතාකරුවන් විසිර යෑමට පෙර අදාල ස්ථානය පිරිසිදු කර එම ස්ථානයෙන් නික්ම ගිය බව අප වාර්කාකරුවන් පවසයි.