ලාන්සාගේ සහ ඔහුගේ සහෝදරයාගේ නිවෙස් වටලයි

මීගමුව ප්‍රදේශයේ ජනතාව පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලාන්සාගේ සහ ඔහුගේ සහෝදරයා වන මීගමු නගර සභාවේ සභාපති දයාන් ලාන්සාගේ නිවෙස් වටලා, විරෝධතාවක නිරත වෙමින් ඇති බව වාර්තා වේ.

මීගමුව, දලුපොත ප්‍රදේශයේ ලාංසා මහතාගේ නිවස පිහිටි ඇති ස්ථානයේ සහ දයාන්ව මහතාගේ නිවස පිහිටි කටුවාපිටිය ප්‍රදේශයේ අදාල නිවෙස් අසළට ගොස් මීගමුවේ ජනතාව ‘හු’ තබමින් තම විරෝධතාව කරමින් ඇති අයුරු මීපුර වෙබ් අඩවියේ වීඩියෝවක් පළ කර තිබුණි.