නාමල් ඉල්ලා අස්වෙයි! ගුඩ්බායි නාමල්! දේශපාලනයෙන්ම සමුගනීවිද?

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙනවා.

රටේ අනාගත නායකත්වය දක්වා තල්ලු කරනු ඇතැයි සිතූ ඔහු මෙලෙස මහජන විරෝධය මත්තේ ඉල්ලා අස් වීමෙන් පසු, නැවත ජීවිත කාලයේදී නැවත වතාවක් ඇමතිකමක් නොදරන්නත් ඉඩ තියෙනවා. ඇතැම්විට එය ඔහු දේශපාලනයෙන්ම සමුගැනීමක් විය හැකියි.

නාමල් රාජපක්ෂ තාරුණ්‍යයට හෙටක් මෙන්ම නිල් බලකාය වැනි සංවිධාන සහ ආයතන එකල පිහිටවූවා. එකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ තරුණ සංවිධානයක් ලෙස. අනෙක රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස.

අමාත්‍යධුර සහ මන්ත්‍රීකම් දරණ අතර ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කරන්නට තරම් සුවිශේෂී හැකියාවන් ඔහුට තිබුණා. ඒ අතෙර් නීතිඥයෙකු වන්නටත්, එන්ආර් කන්සල්ටන්ස් නමින් නීති උපදේශක සමාගමක කටයුතු කරන්නත් ඔහු සමත්කම් දැක්වුවා.