සමාජ මාධ්‍ය අවහිර කිරීමට එරෙහිව ජනාධිපතිවරයාගේ නිවස ප්‍රදේශයේ විදුලි කණුවකට නැඟි පුද්ගලයකු ඉන් වැටී මිය ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
විදුලි කාර්යිමයකු බව කියන මෙම පුද්ගලයා අද සමාජ මාධ්‍ය අවහිරයට විරෝධය පළ කරමින් මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසට මීටර 400ක් පමණ දුරින් පිහිටි විදුලි කණුවකට නැඟ ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
එම අවස්ථාවේදී පිරිසක් විදුලිය විසන්ධි කර ඇතත් ඔහු ඇද වැටී මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කරයි. ඇද වැටීමෙන් පසු එම පුද්ගලයා කළුබෝවිල රෝහලට රැගැන ගොස් ඇති අතර ඔහුගේ ජීවිදය බේරා ගැනීමට වෛද්‍යවරුන් දැඩි උත්සාහයක් ගත්තද එය අසාර්ථක වූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
සාමකාමීව විරෝධතා පවත්වන ලෙසත්, අනතුරුදායක කිසිම දෙයක් නොකර ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය