හමුදා පාලනයක් ගැන ඇමතිවරයෙක් බිය පළ කළා

ආණ්ඩුවේ ඇමතිවරයෙක් අප සමග අදහස් දැක්වීමකදී ‘හමුදා පාලනයකට උත්සාහයක්’ පිළිබඳ තමන්ගේ සැකය සහ බිය ප්‍රකාශ කළා.

ආණ්ඩුවේ වත්මන් නායකයන් පිළිබඳ විවේචනාත්මක අදහසක සිටින එම ඇමතිවරයා කීවේ උද්ඝ‌ෝෂණ අතරමැද්දට පැන කලබල ඇති කර, ඒ හරහා හමුදා පාලනයකට උත්සාහයක් පවතින බව.

එහෙත්, හමුදා පාලනයක් ඇති කරන්නට උත්සාහ කරන කණ්ඩායම කවුරුන්දැයි විමසූ විට ඔහු කීවේ ඒ කවුදැයි තමන්ට කිව නොහැකි බව.

ඔහු තමන්ගේ පෞද්ගලික අදහස ප්‍රකාශ කරමින් ඔහු සිය මතය බෙදාගත්තේ ඇඳිරි නීතියට එකඟ නැතත්, ලොකු විනාශයක් නතර වුණාදෝයි තමන්ට හැඟෙන බව පෙන්වාදෙමින්.

වත්මන් තත්වය පිළිබඳ සාකච්ඡා කරන්නට ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවා ඇති බව ඉරිදා දිවයින පුවත්පත සිය ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළ කර තිබුණා.