මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉවත්වීමට තීන්දු කිරීමත් සමග ඔහු සමග කටයුතු කල කැබිනට් මණ්ඩලයේ ඇතැම් ඇමතිවරුන් ඔහුට ඉවත් නොවන ලෙස බලපෑම් කරලා තියෙනවා.
මේ අය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් හැරුණාම බලවත්ම දේශපාලනඥයා වන ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රමුඛ පිරිසක්. ගෝඨාභය රාජපක්ෂට තබා මහින්ද රාජපක්ෂටවත් ඉල්ලා අස් නොවෙන්න කියලයි ඒ අය බලපෑම් කරන්නේ. ඒකට හේතුව රාජපක්ෂලා බලයෙන් පහ වුවහොත් ඔවුන්ට කිසිදු දේශපාලන අනාගතයක් නොමැති බව දන්නා නිසා.
රටම ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වෙන්න කියද්දී, මහින්ද පමණක් ඉල්ලා අස් වී වැඩක් නැහැ. දෙන්නාම ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් හැමෝම අස් වෙන්න ඕනෑ. ඉන්පසු මේ වෙද්දී මහපොළොවේ ජනතා මතය නියෝජනය වන පියවර ගන්න ඕනෑ. මහජන විශ්වාසය දිනා ගන්න ඕනෑ. ඒක ලෙහෙසි වැඩක් නෙවෙයි.
ඒත්, දැන් පොහොට්ටු කණ්ඩායම උත්සාහ කරන්නේ ජනතා විරෝධතා සියල්ලට බම්බු ගසන්නට කියා, කෙසේ හෝ බලය තියාගන්නැයි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම්වලට බලපෑම් කරන්න.