මහින්ද අද හෝ හෙට උදේ අස්වේවි, ගෝඨා අස්වෙන්නේ නෑ – මහින්දව මුණගැසුණු බලවතෙක් කියයි

අගමැති මහින්ද රාජපක්ෂ අපේ‍ර්ල් 03 හැන්දෑවේ හෝ අපේ‍ර්ල් 04 වැනිදා උදෑසන ඉල්ලා අස් වනු ඇතැයි මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ඡා කළ ආණ්ඩුවේ ඉහළම නායකයෙකු අපට කීවා.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වෙන්නේ නැහැලු.

බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා අස්වෙන ලෙස ඉල්ලුවත්, ඔහු එය ප්‍රතික්ෂේප කළ නිසා මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් විය යුතු බවට ඔහුට බලපෑම් ඇවිත්. ඒ, මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් වූ පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලයම විසිර යන නිසා. කෙසේ වෙතත් අපට එම ප්‍රකාශය කළ දේශපාලන බලවතා, යම් දුරකට බැසිල් රාජපක්ෂට දැඩිව එරෙහි අදහස් දක්වන නායකයෙක්.

මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් පාර්ශ්වවලින් එම ප්‍රවෘත්තිය තහවුරු කරගන්නට උත්සාහ කළත්, එයට හැකියාව ලැබුණේ නැහැ.

මහින්ද ඉල්ලා අස් වූ පසු අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා මාස දෙකක් වැනි කාලයක් ඇතුළත නව මැතිවරණයක් පැවැත්වීම යෝජනා තිබුණේ.