භාෂණයේ ප්‍රකාශනයේ නිදහස අහිමි කරමින් හදිසි නීතිය පැනවීම සහ ඇඳිරිනීතිය පැනවීමට එරෙහිව අද උදෑසන මහරගමදී විරෝධතාවක් ආරම්භ විය.
මහරගම පමුණුව දී දැන් පැවැත්වෙන මෙම විරෝධතාවට භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් සහභාගී වී සිටිති. ඇඳිරිනීතිය දමා පාරවන් වසා දැමීම නිසා විශාල පිරිසක් කොළඹට කොටුවී සිටින බව උද්ඝෝෂකයෝ ප්‍රකාශ කළහ.
‘හෙටත් ඇඳිරිනීතිය දීර්ඝ කළත් අපි බහිනවා. ගේ ඉස්සරහා හරි බය නැතිව විරෝධය දක්වන්න. ඡන්දෙ දුන්නේ කාටද කියලා බලන්න එපා. ඊළඟට දෙන්නේ කාටද කියලා බලන්න එපා. මිනිස්සුන්ගේ බලයක් හදන්න ඒකරාශී වෙන්න.’ යැයි විරෝධතාවට සහභාගී වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ලහිරු වීරසේකර ප්‍රකාශ කළේය.
උද්ඝෝෂණයේ ඡායාරූප සහ සජීවී දර්ශන පහතින්…
- තරිඳු ජයවර්ධන


