පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාදිවෙල පිහිටි නිවාස සංකීර්ණයට හමුදා ආරක්ෂාව සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ නිවසට පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි වරුන්ගේ නිල නිවාස සංකීර්ණයේ ආරක්ෂාවට පොලිසියට අමතරව යුද හමුදාවද යොදවා ඇති අතර අලුත්ගම කන්දේ විහාර කළුවාමෝදර කාලවිල මාර්ගයේ නිශාන්ත මහතාගේ නිවසට පිවිසෙන මාර්ගයේ ස්ථාන දෙකක මාර්ග බාධක යොදා පොලිස් නිලධාරීන් ආරක්ෂාවට යොදවා ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබුණි.