නැගෙනහිර විශ්ව විද්‍යාල සිසුහුත් පාරට බසිති

මඩකලපුව එරාවුර් පොලිස් වසිමේ වන්දාරමුල්ල ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර විශ්ව විද්‍යාලය ඉදිරිපිට අද රාත්‍රී විරෝධතාවක් පැවැත්විණි.

විශ්ව විද්‍යාල සිසුහු ඇතුළු විශාල පිරිසක් ඒ සඳහා සහභාගී වූ අතර ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් ඔවුහු සටන් පාඨ කීහ.

සාමකාමීව පැවැත්වෙන විරොධතාවයේ ඉදිරිපෙළ සිටින පිරිස් ගිනි මැලද අතැතිව සිටින අයුරු දක්නට දක්නට ලැබිණි. උද්ඝෝෂණය මීට ටික වේලාවකට පෙර අවසන් වූ අතර උද්ඝෝෂකයෝ විශ්ව විද්‍යාලය තුලට ගොස් මේ වන විට විරෝධතා ගීත ගායනා කරමින් සිටිති.