ෆේස්බුක් දෑමූ ජායාරූපයක් නිසා සීඅයිඩීයට එන්න කියලා

ෆේස්බුක්හි පළ කළ ඡායාරූපයක් පදනම් කරගෙන සංගීතඥයකු වන ස්ටීව් ජෝසප් ඇන්ඩර්සන් මහතා හෙට උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

රහස් පොලිසියෙන් යැයි කියාගත් පුද්ගලයකු ඔහුට දුරකතනයෙන් කතාකර මේ බව දැනුම් දී තිබේ. ස්ටීව් ජෝසප් මහතා පවතින තත්ත්වයට විරෝධය පළ කරමින් ‘ගෝඨා ගෝහෝම්.. සජිත් ගෝහෝම්..’ යනුවෙන් සඳහන් පෝස්ටරයක් ‘කිල්පොලිටීෂියන්ස්’ යනුවෙන් සඳහන් කර ෆේස්බුක්හි පළ කර තිබිණි.

‘කිල්පොලිටීෂියන්ස්’ යනු සුප්‍රසිධ ගීතයකි. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවුවහොත් ඔහුට සහයෝගය පළ කරමින් සහභාගී වීමට කලකාරුවෝ රැසක් සූදානම්වී සිටිති.

තරිදු ජයවර්ධන