මහානාම මහපාරේ!

ක්‍රිකට් ලෝලීන් අතර මහත් ආදරය දිනාගත්තකු වන රොෂාන් මහනාම මෙන්ම මාවන් අතපත්තු මේ වනවිට පත්වන විරෝධතාවලට එක්ව සිටින අයුරු දැක්වෙන විඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය විය.

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවුණ ද, ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩි පිරිසක් ප්‍රිය කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට ය.

මහත් ජනාදරයට පත් ක්‍රිකට් ක්‍රීඩකයකු ජන විරෝධයකට එක් වීම මේ වනවිට බොහෝ දෙනාගේ ඇගයීමට පත්ව තිබේ.

රසල් ආර්නල්ඩ්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කර් මෙන්ම සනත් ජයසූරිය ද වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වා තිබිණි.

සියලු ශ්‍රී ලාංකිකයන් එක්ව නැගී සිටිය යුතු යැයි රසල් ආර්නල්ඩ් සිය  Chilling with Russel ෆේස්බුක් පිටුව ඔස්සේ අදහස් දක්වා තිබිණි.

ඇතැම් පිරිසක් ආර්ථිකය පාලන කරන බවත් නිර්භීත ශ්‍රී ලාංකිකයන් ආඩම්බර වන බවත් මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර් පවසා තිබිණි.

සියල්ලට වඩා ක්‍රීඩක රොෂාන් මහනාම වීදියට පැමිණ විරෝධතාවයට එක්ව සිටීම විශේෂත්වයකි. මීට පෙර නොයෙකුත් ක්‍රිකට් ක්‍රීඩකයන් දේශපාලන වේදිකාවලට නැග ඇතත්, ඒ අනුන්ගේ දේශපාලන පක්ෂවල වේදිකාවලටය.