පේරාදෙණිය කොල්ලන්ට වතුර සහ කඳුළු ගෑස් ගසයි!

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 500කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන උද්ඝෝෂණයකට පොලීසිය ජල ප්‍රහාර එල්ල කරලා. බාධක පෙරළමින් සිසුන් පොලීසියට එදිරිව විරෝධය පානවා.

සිසුන් විශාල පිරිසක් පොලීසියට හූ හඬ නගද්දී, සිසුන්ව විසිරුවන්නට උත්සාහ කරමින් පොලීසිය දඟලමින් ඉන්නවා.

මෙම පොලිස් කණ්ඩායම් සිසුන් විශ්වවිද්‍යාලයේ සිට මහනුවර දෙසට ගමන් කරන අතරේ කල් තියා එකතු වී සූදානම්ව සිටින අයුරු දක්නට ලැබුණා.

පවතින ව්‍යවස්ථා විරෝධී ඇඳිරි නීතියට විරෝධය පාමින් රට පුරා පවතින උද්ඝෝෂණ මාලාවක දිගුවක් මේ.