එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියගෙන් පතෝල ට්වීට් එකක්! ලොකු විරෝධයක්

සියලු පාර්ශ්වවලට සංයමයකින් හැසිරෙන්නැයි කියමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය නිකුත් කළ ට්විටර් පණිවුඩයට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ශ්‍රී ලංකාවේ සිදු වන දේවල් සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බවත් ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිදුවන බවත් හනා සිංගර් මහත්මිය සඳහන් කර ඇත. කෙසේ වෙතත් ‘සියලු පාර්ශ්ව’ සහ ‘හිංසාකාරී සිදුවීම්’ වැනි කිසිදු පාර්ශ්වයකට නොමැති නිවේදනයක් ඇය පළ කිරීම පිළිබඳ විශාල විරෝධයක් ට්විටර් අඩවියේම මතු වී තිබේ.

ප්‍රචණ්ඩත්වය ආරම්භ කරන ලද්දේ ආණ්ඩු පාර්ශවය බවත් ආණ්ඩුවෙන් මෙම ඉල්ලීම කරන ලෙසත් හනා සිංගර් මහත්මියට චෝදනාත්මක සහ විවේචනාත්මක ස්වරූපයෙන් ප්‍රතිචාර දක්වමින් ට්විටර් පරිශීලකයන් අදහස් දක්වා ඇත.