මේ තරුණයාව මෝදර පොලීසියෙන් කියලා අරන් ගිහින්. ගෝ හෝම් ගෝඨා ගෲප් එකේ ඇඩ්මින් කෙනෙක්. Anuruddha Bandara
රෑ 12ට අරන් තියෙන්නේ. දැනට තියෙන වාර්තා අනුව අයිපී ලියනගේ කියා කෙනෙක් ගම්පොළදී තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. මෝදර පොලීසියෙන් කීවාම තමයි එතැන හොයලා තියෙන්නේ.
ඒත් පොලීසියේ නෑ. සීඅයිඩීයෙත් නෑ. අරන් ගියේ කවුද කියා කියන්නේ නෑ.
අපි වැඩි විස්තර හොයනවා. නීතිඥවරුන් යනවා කිව්වා. අදාල තැන්වලට පැමිණිලි යොමු කරනවා.
ක්‍රයිම් බ්‍රාන්ච් එකෙන් කිව්වාලු කොල්ලාව ‘ගමනක් එක්ක ගියා කියලා.’ තවම ඉන්න තැනක් නෑ.
Update – මානව හිමිකම් කොමිසමට දැනුම් දුන්නා.
මෝදර ඕයිසීගෙන් ඇහුවාම එහෙම කෙනෙක්ව ‘මම අරගෙන නෑ.’ කිව්වා.
ටීඅයිඩී එකට ගෙනිච්චා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. දැන් කට්ටිය එතැනට යනවා. තවම (දවල් 1ට) කන්ෆර්ම් නෑ.
අයිජීට පැමිණිල්ලක් කළා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකට ට්‍රයි කරනවා. දැනට පොලිස් මාධ්‍ය ප්‍රකාශක යුනිට් එකෙන් කියනවා අත්අඩංගුවට ගත් බව ලියන පොතේ ඔහුගේ විස්තර ලියා නැති බව. (නිල අත්අඩංගුවට ගැනීමක් නෙවෙයි.)
විපක්ෂයේ ප්‍රධාන නායකයන් දෙන්නාට (අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාස) වට්ස්ඇප් මගින් තත්වය ෆෝවඩ් කළා.
ඒ වගේම විපක්ෂ නායක දැනුවත් බව දැනගන්න ලැබුණා.
පොහොට්ටුවේ බැසිල් රාජපක්ෂටත් උත්සාහ කරනවා ආණ්ඩුව පැත්තට දැනුම් දිය යුතු නිසා.
විපක්ෂනායක සහ හර්ෂ එතැනට යන බව දැනුම් දුන්නා. නීතිඥ සංගමයත් නීතිඥවරු යවනවා. ජවිපෙත් ක්ෂණිකව ක්‍රියාකාරීයි.
(ක්‍රියාකාරී තරුණයන් බිය නොවන්න. අපි ඔහුව හොයාගමු. මර්දනයට බිය නොවෙමු. ජනබලය වැඩි බව පෙන්නමු.)